Friday, April 26, 2024

General line - 0115112241

ජය සමරා වත්මන් රජයේ 'නාම පුවරු' වනසලා ලු (PHOTOS)




වත්මන් ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල සවිකර තිබූ නාම පුවරු රැසක් කඩා බිඳ විනාශ කර ඇති බවට දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

මෙම ඡායාරූප සිය ෆේස්බුක් පිටුවේද පළ කරගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සඳහන් කරන්නේ මැර දේශපාලනය යළි හිස ඔසවමින් ඇති බවයි. මෙම ක්‍රියා පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් උද්ධාමයට පත්වූවන්ගේ ක්‍රියා බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා ද මෙම ඡායාරූප සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.