Friday, April 19, 2024

General line - 0115112241

මිනිසාගේ වැඩ නිසා වසරින් වසර මුහුදු මට්ටම ඉහළට! ශ්‍රී ලංකාවත් අවධානමේ




මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරින් වසර මුහුදු මට්ටම ඉහළ යාමේ වේගය වැඩිව ඇති බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. 1992 වසරේ සිට 2014 වසර දක්වාවූ අවුරුදු 22ක කාලයක් චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් දත්ත අධ්‍යනය කරමින් මෙම සමීක්ෂණය කර තිබෙනවා.

අමෙරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් නෙරම් ප්‍රධාන පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම කාලය තුළ සෙන්ටිමීටර් 7න් මුහුදු මට්ටම ඉහළ ගොස් ඇති බවය. වාර්ෂිකව මිලිමීටර් 3කින් පමණ මුහුදු මට්ටම ඉහළ යනු දුටු බවයි පර්යේෂකයින් පවසන්නේ.

වසර 2100 වනවිට සෙන්ටිමීටර් 52ත් 98ත් අතර ප්‍රමාණයකින් මුහුදු මට්ටම ඉහළ යා හැකි බවයි පර්යේෂකයින් පවසනනේ. ඉන් ලෝකයේ වෙරළාශිත ප්‍රදේශ රැසක් මුහුදට බිලිවීමේ අවධානමක් ඇති බවයි විද්‍යඥයින් අනතරු අඟවන්නේ. 

ශ්‍රී ලංකාව ඇතුළු දිවයින් රැසක වෙරළබඩ ප්‍රදේශ රැසකකට මෙහි බලපෑම එල්ලවනු ඇති.