Thursday, April 25, 2024

General line - 0115112241

ජීවිත රැසක් 99න් බේරෙයි!

සනත් ගමගේ - හම්බන්තොට




අම්බලන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගයේ තවාළුවිල ප්‍රදේශයේ දී  මාර්ග රක්ෂිතයේ පිහිටි විශාල පැරණි මාර ගසක්  කඩා වැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට  අද (13) බාධා ඇති විය.

මාර ගස කඩා වැටීමෙන් ඒ අසල පිහිටි කුඩා පෙට්ටි කඩයකට හානී සිදු වී ඇති අතර නතර කර තිබූ ත්‍රි රෝද රථයකටද බරපතල හානී සිදු වී තිබෙනවා. මාර්ගයට කඩා වැටනු මාරගසේ අතු ඉවත් කර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට ඉඩ සලැස්විමට පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරියේ කම් කරුවන් යොදා ගනිමින් සිදු කරනු ලැබුවා.

මාර ගස කඩා ගෙන වැටෙන විට කිසිදු සුළඟක් පැවැතිෙයේ නැති බවත්, තමා එළියේ පුවත් පත බලමින් සිටින විට එක් වර ගස ඇලවෙමින් ඇති අයුරු දුටු විගස කඩය ඇතුලේ සිටි දියණියට කථා කර මොහෙතේම ගස කඩා වැටුණු බවත්, දියණියට කිසිදු තුවාලයක් සිදු වී නැති අතර කඩයට බරපතල හානී සිදු වූ   කඩයේ හිමිකාරිනිය පවසනවා.

මෙම ස්ථානයේ මාරගස් කිහිපයක් තවත් පිහිටා ඇති අතර නිරන්තරයෙන් වාහන නතර කරමින් ගිමන් හැරීම සිදු කරන අතර  එවැනි අවස්අථාවක මෙය සිදූ වීනම් ජීවිත රැසක් අවධානමට ලක්වනවා.

අම්බලන්තොට ප්‍රාදේශිය සභාවට අයත් ළමා උද්‍යානය පිහිටි ස්ථානයේ ද මෙවැනි මාර ගස් පිහිටා තිබෙනවා.