Thursday, April 25, 2024

General line - 0115112241

ආයතන 167කට අපි නැතුව බලය පිහිටුවන්න බැහැ! සන්ධාන මහ ලේකම් කියයි (UPDATE)




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේ ප‍්‍රතිඵල අනුව, ආයතන 167කට ආසන්න ප‍්‍රමාණයකට පාලන බලය පිහිටුවීම සඳහා සිය සන්ධානයේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍යවන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීරගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

මැතිවරණ ප‍්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත්වන නියෝජිතයින් පත් කිරීම, සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන නිර්නායක මත සිදු කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ආසන සංවිධායකවරුන් හා දිස්ත‍්‍රික් නායකවරුන්ගෙන් විමසා එම පත්වීම් සිදු කරන බවද, ඒ සඳහා දින කිහිපයක් ගතවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා. එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ සිය නියෝජිතයන්ට උපදෙස් මග පෙන්වීමක් සිදු කරන බවයි සන්ධාන මහ ලේකම්වරයා පවසන්නේ.

එලෙස පාලනබලය පිහිටුවිම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

----------------------------------

බලය පිහිටුවන්න කිසිදු පක්ෂයක් සමග එකඟ වෙලා නැහැ

13-02-2018 14:19

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කිසිදු පක්ෂයක් සමග එකඟතාවයකට පැමිණ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

අවශ්‍ය උපදෙස් නියෝජිතයින් වෙත ලබාදෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා පවසන්නේ.