Thursday, April 25, 2024

General line - 0115112241

පොදු රාජ්‍ය මණ්ඩලීය මීළඟ නායකයා තෝරා ගැනීමට රහස් සැලසුමක්




පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළ නායකයා හෝ නායිකාව තෝරා පත් කර ගැනීම සඳහා මේවනවිටත් රහස් සාකච්ඡා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි වත්මන් නායිකාව වන්නේ බි‍්‍රතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණයි. ඇයගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා තෝරා ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලයේ බලයලත් නියෝජිතයින් මේ වනවිටත් සැලසුම් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව බි‍්‍රතාන්‍ය රජ කිරුළ හිමිවන්නේ චාල්ස් කුමරු හටයි. එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය චාල්ස් කුමරුට හිමි වීම අවිනිශ්චිත බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.