Thursday, April 25, 2024

General line - 0115112241

ඡන්ද දෙකම එකම දවසේ! පොහොට්ටුව කා සමගවත් එකතුවී බලය ගන්නේ නැහැ! රාජපක්ෂ පවුලේ ජේ්‍යෂ්ඨයා කියයි!

චම්ලි ඒකනායක/ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් කඩිනමින් මැතිවරණයකට යායුතු බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසනවා. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් නොයවා එකම දවසේ පැවැත්විය යුතු බවයි ඔහු පවසන්නේ.

තිස්සමහාරාම ආසනයේ ජයග්‍රහණය ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ආධාරකරුවන් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව පැවසුවා.

මැතිවරණ දූෂණ සිදුව ඇති බවයි ඔහු මෙහිදී මාධ්‍ය වෙත අණාවරණය කළේ. චෙක්පත්, සිමෙන්ති, ටකරන් තහඩු, ස්ත්‍රික්ක, නිවාස ණය වැනි සංතෝෂම් ලබාදී ඇතැයි හිටපු කතානායකවරයා මෙහිදී පැවසුවා. කෙසේ වෙතත් ඔවුන්ද ඡන්දය ලබා දී ඇත්තේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතට බවයි මෙහිදී පැවසුවේ.