Friday, March 29, 2024

General line - 0115112241

අරලියගහ මැදුරේ තීරණාත්මක සාකච්ඡාවක්

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණාත්මක රැස්වීමක් අරලියගහ මන්දිරයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම, පක්ෂයේ සිදුවිය යුතු වෙනස්කම් සහ මෙවර මැතිවරණඛයේ ප‍්‍රතිඵල අනුව වෙනස්විය යුතු කරණු පීළිබ මෙහිදි තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතරඑක්සත් ජාතික පක්ෂ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අද (13) දහවල් අග‍්‍රාමාත්‍යවරයා සමග වෙන වෙනම සාකච්ඡා පැවැත්වුවා. අග‍්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීනවරුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ තනිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිමට මෙහිදී එකතාව පළ වූ බවයි.

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට මෙහිදී සාකච්ඡා වූයේදැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළා. ඊට නලීන් බණ්ඩාර මන්ත‍්‍රීවරයා සහ සෙසු මන්තී‍්‍රවරයා ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජාතික ආණ්ඩුවක් නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.

එම නිසා මුලින් එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවත් පිහිටුවිය යුතු බවත් ඉන් අනතුරුව පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව ඉටුකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහිදි මාධ්‍යවේදීන් වැඩිදුරටත් ප‍්‍රශ්න කළේ එක් එක් කණ්ඩායම් සමග  අග‍්‍රාමාත්‍යවරයා වෙන වෙනම සාකච්ඡා කළේ ඇයි ද යන්නයි.

ඊට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් කියා සිටියේ එහිදී කිසිඳු වරදක් නොමැති බවයි. අද සවස මේ සියඵ මන්ත්‍රීවරුන් එක්වන බවයි ඔවුන් කියා සිටියේ.

අග‍්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉවත් වන්නැයි කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රීවරුන් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් අන්ත පරාජයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් තීරණය ගැනීමේ හැකියාවක් නොමැති බවයි.

පොහොර සහනාධාරය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම, සිය පාක්ෂිකයන්ට රැකියා ලබා දීමට නොහැකි වීම හා සමෘද්ධි සහනාධාරය ලබා දීමට නොහැකි වීම වැනි ගැටලූ ගණනාවක් පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාට මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරියන් කිහිපදෙනෙකු කඳුළු සළමින් අග‍්‍රාමාත්‍යවරයාට සිය ගැටලූ ඉදිරිපත් කළ බවද සඳහන්.

මේ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දැනට අමාත්‍ය සහ නියෝජය අමාත්‍ය ධුර දරන 10 දෙනෙකු පමණ එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි අනාවරණ කළා.