Tuesday, April 23, 2024

General line - 0115112241

කුසල් ජනිත් බංග්ලාදේශයට එරෙහි 20යි 20 තරගාවලියෙන් ඉවතට




බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කර තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ වෛද්‍ය නිර්දේශ මත කුසල් ජනිත් පෙරේරා එම තරගාවලියට සහභාගී නොවන බවයි.

තරග 2කින් සමන්විත ශ‍්‍රී ලංකා බංග්ලාදේශ 20යි 20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 15 වනදා මීර්පූර්හිදි පැවැත්වීමට නියමිතයි.