Thursday, April 25, 2024

General line - 0115112241

‘‘කොන්දේසි විරහිත ආදරය‘‘ සමග එක්වෙන්න ඔබටත් අවස්ථාව




අදට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය නිමිත කරගනිමින් නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ‘‘කොන්දේසි විරහිත ආදරය‘‘ ප‍්‍රාසාංගික වැඩසටහන අද (14) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදියි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ ඇතුළු ආරාධිතයින් කිහිප දෙනෙකු මෙහිදී දේශන පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩසටහන සංගීතයෙන් හැඩගන්වනු ලබන්නේ දර්ශන වික‍්‍රමතුංග විසින්.

පස්වරු 5.00ට ආරම්භ වන මෙම වැඩසටහනට නෙත්. එෆ්.එම්. රේඩියෝව ඔබ සැමට ආරාධනා කරනවා.