Thursday, April 25, 2024

General line - 0115112241

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

හේමන්ත කහවලගේ




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා.

ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් රැසක් ඊට එක්ව සිටිනවා. 

මේ අතර කැබිනට් රැස්වීමෙන් අනතුරුව පෙරවරු 11.30ට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
 

 

------------------------------------

තවත් නොබෝ වේලාවකින් තීරණාත්මක සාකච්ඡාවක්

(14-02-2018 08:38)

 

කැබිනට් මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

පෙරවරු 09.30ට කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදීයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ කමිටුවක් මෙහිදී පත් කිරිමට නියමිතයි.

ඒ, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ (13) රාති‍්‍රයේ පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.