Thursday, March 28, 2024

General line - 0115112241

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා රැසක්

පවිත්‍රා මදුහර්ෂණි




ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට පොලීසිය විසින් අග‍්‍රාමාතයවරයාට එරෙහිව මෙලෙස චෝදනා එල්ල කර ඇති බවයි.

දේශපාලන සහාය ලබා දීමට ආධාරකරුවන්ගෙන් මුදල් ලබා ගැනීම, හිතවත්කම් මත පුවත්පත් ප‍්‍රචාරයන් ලබා ගැනීම ඇතුළු තවත් මූල්‍ය වංචා කිහිපයක් එම චෝදනා අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇතැම් චෝදනා සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා කිිහිප අවස්ථාවකදීම ප‍්‍රශ්ණ කිරීම් වලටද ලක්ව ඇති බවද වාර්තා වනවා.

එහෙත් තමන්ට එල්ල වන සියළු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි අග‍්‍රාමාත්‍ය නෙතන්යාහු පවසන්නේ. එසේම කිසිඳු චෝදනාවක් හමුවේ සිය ධූරය අත්නොහරින බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. අග‍්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නම් දරා සිටින්නේ ලොව ප‍්‍රබල නායකයෙකු ලෙසටයි.