Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂ දෙකේ අර්බුද මැද්දේ අලුත් පක්ෂයෙන් මහින්ද කෙක් කපයි (PHOTOS)

හේමන්ත කහවලගේ




ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (13) රාති‍්‍රයේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී කේක් කපා පළාත් පාලන මැතිවරණයේ ජය සමරා තිබෙනවා.

රැස්වීමට මෙම කේක් ගෙඩිය රැගෙනවිත් ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන විසින්.

එහිදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයාද එක් කර ගනිමින් කේක් කපා ජය සමරා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ට අමතරව කුමාර වෙල්ගම, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන මන්තී‍්‍රවරුන් මෙම රැස්වීමට සහභාගී වී තිබෙනවා.