Thursday, November 15, 2018
Hotline - 0770586666

ඒකාබද්ධ විපක්ෂය යළිත් ඉල්ලීමක් කරන්න සූදානම්

ලහිරු කපුගේ

2230Views

එළඹෙන සතියේදී කතානායකවරයා හමුවී විශේෂ ඉල්ලීමක් සිදු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන ලෙස මෙලෙස කථානායකවරයා හමුවී යළි ඉල්ලීමටයි ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත්තේ.

කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.