Friday, April 19, 2024

General line - 0115112241

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු තහනම දීර්ඝ කෙරේ




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළකාලමින් නිකුත් කොට ඇති  අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 28වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඞී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 90ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන පරීක්ෂණවලට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.