Thursday, April 25, 2024

General line - 0115112241

ලංගම ඩිපෝවක පාලන බලය මහින්ද හිතවාදී සේවක පිරිසක් අල්ලයි!

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එහි සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි අදායම් තත්ත්වය පහළ වැටි ඇති බව එම ඩිපෝෙවි ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා පවසනවා.

හැටන් ඩිපෝවේ කළමනකාරවරයා සහ තමන් ඇතුලූ තවත් සේවක පිරිසකට එම ඩිපෝවේම ඇතැම් සේවක පිරිසක් විසින් තර්ජනය කිරිම හේතුවෙන් එම තර්ජනයට ලක්වු සියලූ දෙනා දින කිහිපයක් සේවයට වාර්තා නොකර සිටින බවයි රෝහණ සිල්වා කියා සිටින්නේ. 

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිපලත් සමග එම ඩිපෝවේ ඇතැමි සේවකයින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජායාරූපය බස් රථ වල අලවා සිය පාලන බලය බලහත්කාරයෙන් ඔවුන් අතට ගැනිම නිසා දිනකට ධාවනය වු බස් ලංගම බස් රථ සීයයෙන් අද (14)  දිනය වන විට බස් රථ හතලියක් පමණක් ධාවනය වන බවයි රෝහන ද සිල්වා කියා සිටින්නේ.


හැටන් ලංගම ඩිපෝවේ දිනක ආදායම රැපියල් ලක්‍ෂ පහළොව දක්වා පැවතියද දැනට දින කිහිපයක සිට එම ආදායම් තත්ත්වය රැපියල් ලක්‍ෂ අට දක්වා පහත වැටි ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට සහායෝගය දැක්වු එම ඩිපෝෙවි විශාල සේවකයන් පිරිසක් පවත්නා තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා නොකර සිටින බවයි රෝහන ද සිල්වා වැඩි දුරටත් කියා සිටින්නේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංගම ගම්පොළ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය මගින්ද හැටන් පොලිසිය මගින්ද ෙමි වන විට පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා.