Thursday, April 25, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස්හි මියගිය පිරිස ඉහළට! ප්‍රදේශයේ රථවාහන තදබදයක් (PHOTOS/UPDATE)

හේමන්ත කහවලගේ




කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව  7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි වාර්ථාවන්නේ. තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සංඛ්‍යාව දෙදෙනෙකි.

මුදාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙනවා.

 

------------------------------------------------------.

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම නිසා අවට රථවාහන තදබදයක්

14-02-2018 16:24

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් ඇතිව තිබෙන බේරා ගැනීමේ මෙහෙයුම හේතුවෙන් ඒ අවට ප්‍රදේශයන්හි රථ වාහන තද බදයක් ඇතිව තිබෙනවා.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

  රථවාහන තදබදයේ මේවනවිට තත්ත්වය දැනගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න 

-------------------------------------------------------

කොළඹ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටේ! 

14-02-2018 16:01

කොළඹ - ග්‍රෑන්ඩ්පාස් බ්‍රිටෝ බබාපුල්ලේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා. සුන්බුන් අතර සිරවූ පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට මේ වනවිටත් මෙහෙයුමක් ක්‍රියාත්මක වනවා.

පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.