Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද මෛත්‍රී ආණ්ඩුවක්! අගමැති මහින්ද?

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ සාමාජිකයින් ඒ පිළිබඳව ඊයේ රාත‍්‍රියේ රහසිගත සාකච්ඡා වට දෙකක් ද පවත්වා තිබෙනවා. නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව මෙම දෙපාර්ශවය අතර දුරකථනයෙන් ද සාකච්ඡා පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය රැ ගෙන පැමිණි එම පාර්ශව පිලිබඳව තමන් හෙළි නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමට දන්වා තිබෙනවා. නව සන්ධාන රජයේ අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීමේ සාකච්ඡාවක් මේ  වනවිට පැවැත්වෙන බවද දේශපාලන ආරංචි සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව සන්ධාන රජයේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීමට යෝජනාවක් ද ඉදිරිපත් වී තිබෙනවා.