Wednesday, April 24, 2024

General line - 0115112241

ඔය පක්ෂයේ මතය නොවෙයි! ශ්‍රීලනිප මහ ලේකම් කියයි




තමාගේ පුද්ගලික මතය නම්, ජනාධිපති තුමා සහ අගමැතිතුමා  මේ රටට ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතුය යන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගතයුතු බව ඔහු පෙන්වා දෙනවා.  

ඔවුන් දෙදෙනාහට විශාල වගකීමක් ඇතිබවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ වේලාවේ සමාජයේ තියෙන්නේ එක එක්කෙනාගේ පුද්ගලික මත මිස පක්ෂයේ මතය නොවන බවයි ඔහු පවසන්නේ. 

ජනාධිපතිවරයා සිකුරාදා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයිද ඔහු පවසනවා.