Wednesday, April 24, 2024

General line - 0115112241

තීරණය පමා වුණොත් ආර්ථිකයට අනතුරක්!

සමන්ත කුමාර




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු මෙරට මූල්‍ය හා කොටස් වෙළඳපලේ බිඳ වැටීමක් දක්නට ලැබෙන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ පිළිබඳ නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ ඉකොනොමික් නෙක්ස්ට් පුවත් සේවයේ කර්තෘ ආර්ථික විශ්ලේෂක අසන්ත සිරිමාන්න පැවසුවේ කොටස් වෙළඳපොළෙහි තරමක වැටීමක් දක්නට ඇති බවය. ආර්ථිකයේ අස්ථාවර බවක් පිළිබිඹුවන බවයි ඔහු පවසන්නේ. රුපියලේ අගයද අඩුව ඇතැයි ඔහු පවසනවා.

පවතින තත්ත්වය හේතුවෙන් මෙරට ආයෝජන කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය චන්දන අළුත්ගේ පවසන්නේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි දේශපාලන අර්බුධ කෙරෙහි විදෙස් ආයෝජන සංවේදී බවය. එබැවින් රජය ඒ කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි ඔහු පවසන්නේ. ව්‍යාපාරික ප්‍රජාවට විශ්වාසය ඇතිකොට පවත්වාගෙන ආ ආර්ථික කටයුතු පමා නොවී තීරණයක් ගෙන ඉදිරියට කරගෙන නොයන්නේනම් අහිතකර ප්‍රතිඵල උදාවිය හැක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.