Thursday, April 18, 2024

General line - 0115112241

දේශපාලන උණුසුම මැද්දේ කැබිනට් හමුව සාමකාමීව!




දේශපාලන බිම මේ වනවිට ඉතා උණුසුම් වී තිබුණත් ඊයේ පැවති කැබිනට් රැස්වීම සාමකාමී ලෙස පවත්වා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. කැබිනට් පති‍්‍රකා අසූවක් පමණ ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. 

පාසල් සිසුන්  එක්ලක්ෂ හැත්තෑ දහසක් සඳහා ටැබ් පරිඝණක  ලබාදීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එක් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මේ සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අදියර කිහිපයක් වශයෙන් ඊට මුදල් ලබා දීමට හැකිදැයි සොයා බලන ලෙසයි. තවත් කැබිනට් පති‍්‍රකා 8ක් සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ සඳහා කල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් පවතින දේශපාලන උණුසුම පිළිබඳ මෙහිදී සාකච්ඡා වී නොමැති බවයි දේශපාලන අරංචි වැඩිදුරටත් පැවසුවේ.