Saturday, April 20, 2024

General line - 0115112241

රුපියල ඉතිහාසයේ වැඩියෙන්ම බාල්දුවූ දවස

සමන්ත කුමාර




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ශි‍්‍ර ලාංකේය මූල්‍ය හා කොටස් වෙළඳපලේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා.  ශ‍්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඊයේ දිනය නිමා වනවිට අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 156.74ක් ලෙසයි. එය ශී‍්‍ර ලංකා රුපියලට සාපේක්ෂව මේ දක්වා වාර්තා වී ඇති අමෙරිකානු ඩොලරයේ ඉහළම අගය ද වනවා.

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 152 යි සත 97ක් ලෙසයි.

මෙම තත්ත්වය ශී‍්‍ර ලංකාවේ ආයෝජන කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය චන්දන අළුත්ගේ පවසන්නේ.