Saturday, April 20, 2024

General line - 0115112241

'ශ්‍රීලනිප - එජනිස' ජය ලැබූ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ සියලු සංවිධායකවරු කොළඹට කැඳවයි - හේතුව මෙන්න

හේමන්ත කහවලගේ




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකවරුන් අද (15) කොළඹට කැඳවා තිබෙනවා.

එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි. 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජය ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවන්ටද ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී ආසන සංවිධායකින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

බහුතරය පිළිබඳ ගැටලූ පවතින පළාත් පාලන ආයතන පිළිබඳව මෙහිදී ජයග‍්‍රහණය ලැබූ අපේක්ෂක අපේක්ෂිකාවන් සමග සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.