Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිට අගමැති ඉවත් කළ හැකි 'වගන්ති' පෙන්වයි

හේමන්ත කහවලගේ




ජනාධිපතිවරයා විසින් වත්මන් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කර ඒ සඳහා වෙනත් අයෙකු පත් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුවත් ඒ සඳහා නීතිමය හැකියාවක් තිබේදැයි මතවාදයක් පවතිනවා.

සිය අභිමතය පරිදි අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිරවයාට තිබූ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් වෙනස් කර ඇතැයි පළවන අදහස් ඊට හේතුවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වයන් යටතේ අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධීපතිවරයාට නීතිමය බාධාවක් නොමැති බව, නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමකදී නීතීඥ ශිරාල් ලක්තිලක කියා සිටියා.

"19වන සංශෝධනය යටතේ මේ සඳහා අදාළ වගන්ති වන්නේ 42 (04), 46 (02), 48 සහ 70 කියන වගන්ති. ඒ වගන්ති අනුව බැලූ බැල්මට පේන්නේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට හෝ කැබිනට්ටුව වෙනස් කිරීමට වසර හතරහමාරක් යන තෙක් සිදු කළ නොහැකි බව. නමුත් මේ වගන්ති එක්ව ගත් කළ ඒ සඳහා වියතිරේක පවතින බව.. විශේෂයෙන්ම 48 (01) වගන්තිය යටතේ පෙන්නුම් කරනවා. ඒ නිසා කිසිම ව්‍යවස්ථානුකූල සිරවීමක් මේ තුළ නෑ. අවසන් වශයෙන් නීතිය කුමක් වුවත් දේශපාලනය ක්‍රියාත්මක වීම තමයි මෙහිදී වැදගත් වෙන්නේ."