Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් (UPDATE)

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ පන්දුවාර 16යි පන්දු 4කදී විකට් 6ක් අතැතිවය.

කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා. දසුන් ශානක නොදැවී ලකුණු 42ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු 39ක් රැස් කළා. 

----------------------------

ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

15-02-2018 18:18

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් අතැතිව 193 ක් ලබා ගත්තා. 

එය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයක දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

බංග්ලාදේශ ඉණිම වෙනුවෙන් සෞම්‍ය සරකාර් පන්දු 32කදී ලකුණු 51ක් ද මුස්ෆිකර් රහීම් පන්දු 44ක දී නොදැවී ලකුණු 66ක් ද රැස් කළා.

2013 වසරෙන් පසු ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවූ ජීවන් මෙන්ඩිස් ලකුණු 21කට කඩුලූ 02ක් බිඳ හෙළුවා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 194ක ඉලක්කයක්.

---------------------------

කාසියේ වාසිය බංග්ලාදේශයට

15-02-2018 16:09

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුණා. පළමුව පන්දුවට පහරදීමටයි බංග්ලාදේශ කණ්ඩායම තීරණය කර ඇත්තේ.

---------------------------

බංගලියන් සහ ශ්‍රී ලංකා පිළ වැටිලා ඉන්න තැන මෙන්න - අද සටනින් ගොඩ එන්න දෙපිළම ලොකු තරගයක් දෙයි

15-02-2018 09:09

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියක් අද (15) ආරම්භ වනවා.

පළමු තරගය ඩකා හිදි අද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4.30ට පමණ ආරම්භ වනවා.

වසර 3කට පසු ශි‍්‍ර ලංකා පන්දුවාර විස්සයි විස්ස සංචිතයට කැඳවා ඇති ජීවන් මෙන්ඩිස් ද මෙම තරගයට බොහෝ දුරට සහභාගී වනු ඇති බවයි වාර්තා වන්නේ.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග සංඛ්‍යාව 7ක්. ඒවායින් තරග 5ක් ශී‍්‍ර ලංකාව ජය ගෙන ඇති අතර අනෙක් තරග දෙක බංග්ලාදේශ කණ්ඩායම ජය ගෙන තිබෙනවා. 

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය පන්දුවාර විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පසුවන්නේ ඇෆ්ගනිස්ථානයටත් පහළින්.

ශී‍්‍ර ලංකාව එම සටහනේ 9 වැනි ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ කණ්ඩායම පසුවන්නේ එහි 10 වැනි ස්ථානයේයි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග 12කට සහභාගි වී ඇති අතර ඒවායින් තරග 8ක් ජය ගෙන තිබෙනවා. 

බංග්ලාදේශ කණ්ඩායම මවුබිමේදී සහභාගී වී ඇති පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග ගණන 28ක්. ඒවායින් ඔවුන් ජය ගෙන ඇත්තේ තරග 11ක් පමණයි.