Saturday, April 20, 2024

General line - 0115112241

ලෝ ප්‍රකට ටෙනිස් ශූරයා වාර්තාවකට සැරසෙයි




ලෝක ප‍්‍රකට ටෙනිස් ක‍්‍රීඩක ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් අපූරු වාර්තාවක් බිහි කිරීමට සූදානම් වනවා. ඒ, ලොව අංක එකේ ස්ථානයට පැමිණි වයස්ගතම ක‍්‍රීඩකයා බවට පත්වෙමින්.

ඒ සඳහා ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් එක් ජයග‍්‍රහණයක් පමණයි. එම තීරණාත්මක තරගය අද පැවැත්වීමට නියමිතයි. 36 හැවිරිදි ෆෙඩරර් මේ වනවිට ටෙනිස් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවනවා.

2004 වසරේ දී පළමුවරට ලොව අංක එකේ ටෙනිස් ක‍්‍රීඩකයා වූ ඔහුට 2012 සිට මේ දක්වා එම ස්ථානයට පැමිණීමට හැකි වූයේ නැහැ.

රොජර් ෆෙඩරර් ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතා 20කට ද හිමිකම් කියනවා.