Thursday, April 25, 2024

General line - 0115112241

SLT නව ඇමතුම් මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල විවෘත වෙයි




සිය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව, රට පුරා තම ව්‍යාප්තිය පුළුල් කරමින්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් හී නවතම ඇමතුම් මධ්‍යස්ථානය බණ්ඩාරවෙල දී විවෘත කෙරුණා. SLT  ක්‍ෂණික ඇමතුම් අංකය වන 1212 තවදුරටත් ශක්තිමත් කරන අතරවාරයේ එම සේවාවේ තත්ත්වය සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට මෙය මහත් පිටිවහලක් වේ. මෙලෙස තවත් ඇමතුම් සේවා මධ්‍යස්ථානයක් එක්වීම හේතුවෙන් SLT  පාරිභෝගියින් හට තමන්ට අවශ්‍ය දුරකථන මාර්ගික තාක්‍ෂණික සහය ලැබෙනතෙක් ඇමතුමේ රැඳී සිටීමට සිදුවන කාලය අවම වනු ඇත. මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය 1212 පාරිභෝගික සහය සේවාව තුළ බාධා රහිත විකල්ප අවස්ථාවක් ගොඩනගාදීමක්ද වේ.

මෙරට පිහිටි සියලූ SLT  ඇමතුම් මධ්‍යස්ථානවල සේවය සඳහා හොඳින් පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල යොදවා ඇති අතර එබැවින් ස්ථාවර සහ විශිෂ්ට ගනුදෙනුකාර සේවාවක් සැපයීමට හැකියාව තිබේ. බණ්ඩාරවෙල ස්ථාපිත නව ඇමතුම් මධ්‍යස්ථානයද එයින් නොදෙවෙනි සේවාවක් සපයනු ඇත. මෙය ටෙලිකොම් සමාගම විසින් සපයනු ලබන සේවාවේ ප‍්‍රමිතිය තවදුරටත් ඉහළ නංවාලමින් ක්‍ෂේත‍්‍රය තුළ තමන් හිමිකරගෙන සිටින අද්විතීය ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට හේතුවනු ඇත.

SLT  විසින් පිරිනමනු ලබන රාශියක් වූ සේවා සහ සේවා නිපැයුම් සම්බන්ධයෙන්, පාරිභෝගික සහය සඳහා වන 1212 අංකය ඔස්සේ නැගෙන විශාල පරාසයක විමසුම් සඳහා ප‍්‍රතිචාර දැක්වීමට 30 දෙනෙකුගෙන් සමන්විත සුදුසුකම් සපිරූ වෘත්තිකයන් පිරිසක් මෙහි යොදවා තිබේ. නවීනතම තාක්‍ෂණයෙන් පිරිපුන් මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය හරහා SLT  බ්‍රෝඞ්බෑන්ඞ් ඇතුලූ අනෙකුත්  සේවාවන් පිළිබඳ පාරිභෝගික සේවා අවශ්‍යතා වෙනුවෙන් පළමු පෙළේ තාක්‍ෂණික සහයක් සැපයීමට සැමවිටම සූදානමින් සිටියි.

පාරිභෝගිකයන් වෙතින් 1212 වෙත ලැබෙන ඇමතුම්, සීමාකිරීම් වලින් තොරව යොමුකෙරන බැවින්, කොතැන පිහිටි සේවා මධ්‍යස්ථානයට එය යොමුවුවද එකම අයුරින් ගුණාත්මක සහයක්, ප‍්‍රතිචාර වශයෙන් ඔවුනට ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට විදුලිසංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු එහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර, SLT  සමූහ සභාපති පී.ජී කුමාරසිංහ මහතා සහ SLT   ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ සඳහා සහභාගී විය.

මෙම සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති පී.ජී කුමාරසිංහ 

‘ අප පාරිභෝගික සේවාව තවදුරටත් වර්ධනය කිරීම පිණිස අවස්ථාව සලසමින්, අපගේ ඇමතුම් මධ්‍යස්ථාන දාමය තුළට තවත් නවතම ප‍්‍රාදේශීය ඇමතුම් මධ්‍යස්ථානයක් මෙලෙස එක්වීම සැබැවින්ම අගනා මොහොතක්. නවතම මාදිලියේ සේවා පිරිනැමීම් සහ නවීනතම තාක්‍ෂණය හරහා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික පසුබිම වර්ධනය එය ජාතියේ සංවර්ධනය පිණිස දායක කරවීමට ජාතික දුරකථන සේවා සම්පාදක ලෙසින් අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා. අප බණ්ඩාරවෙල දක්වා ව්‍යාප්ත වීම හරහා රැකියා උත්පාදනය සහ තවත් අංශ රැසකින් මෙම ප‍්‍රදේශයේ වෙසෙන්නන්ට සෙත සලසනු ඇති බව අපේ විශ්වාසයයි. එසේම අප සමාගමේ වටිනාකම සනාථ කිරීමේ නිසැක හැකියාවෙන් යුත් දක්‍ෂයන් රැසකගෙන් සමන්විත සුදුසුකම් සහිත ශක්තිමත් කණ්ඩායක් අපට හිමිවී තිබෙන බව මම තරයේ විශ්වාස කරනවා’ යැයි පැවසීය.

SLT  හී ප‍්‍රධාන පාරිභෝගික නිලධාරී රොෂාන් කළුආරච්චි ද මෙහිදී අදහස් දැක්වූවා

‘ඇමතුම් මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීම තුළින් SLT  හී පාරිභෝගික සේවා මට්ටම ඉහළ නැංවීමට හැකිවීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. මෙම සේවා පුළුල් කිරීමත් සමගින් 1212 ඔස්සේ කෙරෙන පාරිභෝගික විමසීම් සඳහා පිළිතුරු ලබාදීම වඩාත් ඉක්මන් වනවා. SLT  සේවා නිපැයුම් සම්බන්ධයෙන් පාරිභෝගික අත්දැකීම වඩාත් ඉහළ නැංවීමට SLT  සම්පූර්ණයෙන්ම කැපවෙමින් ඒ වෙනුවෙන් සියලූම උත්සහයන් දරනවා’ යැයි ඔහු එහිදී පැවසුවා.