Friday, March 29, 2024

General line - 0115112241

නේපාලයට අළුත් අගමැතිවරයෙක් පත් වෙයි




නේපාලයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රසාද් ශර්මා ඕලි දිවුරුම් දීමට නියමිතයි. ඒ, නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ෂේ බහාදුර් ඩීබා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

2017 වසරේ අගභාගයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල මත ඔහු සිය ඉල්ලා අස්වීම ඊයේ ප්‍රකාශයට පත් කළා. ප්‍රසාද් ශර්මා ඕලි, නේපාලයේ 41 වන අග්‍රාමාත්‍යවරයායි.

මේ අතර දේශපාලන අස්ථාවරත්වය සහ රටේ ඇති වූ නොසන්සුන්තා හේතුවෙන් ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මීට පෙර, එල්ල වූ දැඩි පීඩනය හමුවේ දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකෝබ් සුමාද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටයි තීරණය කළේ.