Thursday, March 28, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් විභාග උපක‍්‍රම ගැන දේශනයක් (UPDATE)




නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනට සමාගමීව විභාග උපක‍්‍රම පිළිබඳ දේශනයක් අද (19) පැවත්වුණා. 

ඒ, මීගමුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයේදීයි.

ඊට සහභාගී වූ සිසුවියන් පිරිසක් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.

මීගමුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයේ ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු සැසියක්ද මේ වනවිට පැවැත්වෙනවා.
 

 

----------------------------- 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 23 වැන්න සාර්ථකව නිම වෙයි (UPDATE)

(18-02-2018 19:36)

 

මීගමුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයේ දී පැවැත්වෙන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර අද සාර්ථකව නිමාවට පත්වුණා. එහි දෙවන දිනය වූ අද (18) දිනයේද වැඩසටහනට එක්ව සිටින සිසුවියන් විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වුණේ ජීවිතයට නව අත්දැකීම් රැසක්ද එක් කර ගනිමින්.

මෙහිදී දරුවන්ගේ දෙමාපියන් උදෙසාද විශේෂ දේශනයක් පැවැත්වුණා.

------------------

මීගමුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයේ පැවැත්වෙන 'You're a Leader' කඳවුරේ දෙවන දිනය අද (18-02-2018 06:36)

මීගමුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයේ දී පැවැත්වෙන යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ අද (18) දෙවන දිනයයි.

පළමු දිනය වූ ඊයේ (17) දිනය නිමාවට පත්වූයේ විචිත‍්‍රවත් ගිනි මැල සංදර්ශනයකින්. 

ඊයේ දිනයේදී තවත් විශේෂ ක්‍රියාකාරකම් රැසක් පැවැත් වුණා.

-----------------------------------

You're a Leader තවත් කඳවුරක් අද ඇරඹුණා

(17-02-2018 17:26)

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 23 වැන්න මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේදී අද (17) ආරම්භ වුණා.

පාසල් දරු දැරියන් වෙනුවෙන් නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සංවිධාන කිරීම සම්බන්ධයෙන් විදුහල්පති එච් එම් ජී පී හේරත් නෙත් එෆ් එම් රේඩියෝවට ප‍්‍රශංසාව ද පළ කළා.

-------------------

You're a Leader තවත් කඳවුරක් අද ආරම්භ වනවා. (17-02-2018 07:26)

 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 23 වැන්න අද (17) ආරම්භ වනවා. ඒ මීගමුව නිවුස්ටඞ් බාලිකා විද්‍යාලයේදීයි.

පාසල් දරු දැරියන් වෙනුවෙන් නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන සංවිධාන කිරීම සම්බන්ධයෙන් විදුහල්පති එච් එම් ජී පී හේරත් නෙත් එෆ් එම් රේඩියෝවට  ප‍්‍රශංසාව ද පළ කළා.

නෙත් නිවුස් යූ ආර් ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ පළමු අංගය ලෙස අද ආරම්භ වුනේ දෙදින නේවාසික කඳවුරයි. මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් 100 දෙනෙකුගේ කණ්ඩායමක් ඊට සහභාගී වී සිටිනවා.