Friday, March 29, 2024

General line - 0115112241

මෙක්සිකෝවේ ප‍්‍රබල භූ කම්පනයක්! සජීවී වීඩියෝව මෙන්න




නිරිත දිග මෙක්සිකෝවේ ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි අපිකේන්ද්‍රය මෙක්සිකෝ සිටි අගනුවර සිට කිලෝ මීටර් 350ක් පමණ දුරින් සටහන් වී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණය කළේ. රික්ටර් මාපාංක ඒකක 7.2ක ප‍්‍රභලතාවයකින් මෙම භූ කම්පනය සිදු ව ඇති අතර එහි බලපෑම හේතුවෙන් ගොඩනැගිලි ගණනාවක් සෙලවීමකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

කෙසේ වෙතත් ඉන්  සිදුවූ ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.