Friday, April 19, 2024

General line - 0115112241

තරගාවලියේ ජයත් සමග කෝලි 35 සපුරයි




සිය 35 වන එක් දින ශතකය වාර්තා කිරීමට ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති 06වන එක්දින තරගයේදීයි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලකුණු 204කට දැවී ගියා. ඒ, පන්දුවාර 46යි පන්දු 05කදීයි.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 32යි එක් පන්දුවකදී කඩුළු 02ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. 


ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය විරාත් කෝලි පන්දු 96කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 129ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් සහ 
6යේ පහර දෙකක් ඇතුලත් වුණා.

මෙම ජයග‍්‍රහණයත් සමග 5 ට 1ක් ලෙස දෙරට අතර පැවැති එක්දින තරගාවලියේ ජයග‍්‍රහණයද  හිමිවූයේ ඉන්දීය කණ්ඩායමටයි.