Friday, March 29, 2024

General line - 0115112241

ජල විදුලිය නිපදවීම අභියෝගයක් වෙන ලකුණු

කසුන් කැලුම්




පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට අභියෝග එල්ල වෙමින් ඇතැයි විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලකර්ෂණ ජයවර්ධන සඳහන් කළේ "ප්‍රධාන ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 1350 කට ආසන්න ප්‍රමාණයක් ජාතක පද්ධතියට එක් කර ගන්නා අතර මෙගාවොට් 375කට ආසන්න විදුලි ප්‍රමාණයක් කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර හරහා එක් කර ගන්නවා. වියළි කාළගුණයත් සමග මෙම කටයුතුවලට බාධා එල්ල වෙනවා. මෙම බලාගාරවලින් ජාතික විදුලි පද්ධතියේ සැළකිය යුතු විදුලි අවශ්‍යතාවක් ඉටු කරනවා." යනුවෙනි.

විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල මේ වන විට පවතින ජල මට්ටම් පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

"ප්‍රධාන ජලාශ 06 සැළකුවහොත්.. කාසල්රී ජලාශයේ ජල මට්ටම 58.07% මට්ටමකත් මාවුස්ස කැළේ ජලාශයේ ජල මට්ටම 63.01% මට්ටමකත් කොත්මලේ ජලාශයේ ජල මට්ටම 35.04% මට්ටමේත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 71.03% මට්ටමේත් රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම 48.9% මට්ටමේත්  සමනල වැව ජලාශයේ ජල මට්ටම 52.09% මට්ටමේත් තමයි තියෙන්නේ."