Tuesday, April 16, 2024

General line - 0115112241

වැල්ලෙ සුරංග සෙල්ලම් දැමූ ලෙල්ලම කඩා දමයි




නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනින් අවස්ථා රැසකදී අනාවරණය කළ ගමගේ සුරංග ප‍්‍රදීප් නොහොත් වැල්ලෙ සුරංග විසින් මෝදර රොක් හවුස් වෙරළ සංරක්ෂණ කලාපයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ලෙල්ලම ඉවත් කර තිබෙනවා.

ඒ, මෝදර පොලිසිය, කොළඹ මහ නගර සභාව හා ප‍්‍රදේශවාසීන් එක්වයි. ඊට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව තිබෙනවා.  

මෙම ලෙල්ලම තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතල ක‍්‍රියාකාරකම් ඇතුළු විවිධ අකටයුතුකම් සිදු වූ බවට නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනින් අවස්ථා කිහිපයකදී අනාවරණ කෙරුණා.

එය කඩා ඉවත් කිරීමට බලය ඇත්තේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වුවද එය සිදු වූයේ නැහැ. ඒ, විවිධ බලපෑම් හේතුවෙන්. 

මේ අතර ගමගේ සුරංග ප‍්‍රදීප් නොහොත් වැල්ලෙ සුරංග විසින් ඉකුත්දා සිදු කළ වෙඩි තැබීමකින් 48 හැවිරිදි දෙදරු මවක් බරපතල තුවාල ලැබුවා.

එම සිද්ධියෙන් පසුව වැල්ලේ සුරංග මේ වනවිට ප‍්‍රදේශය හැර පලා ගොස් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.