Friday, March 29, 2024

General line - 0115112241

එජාපයේ අර්බුදයට 'හිටපු මහලේකම් තිස්ස' ගේන විසඳුම් - නම් දෙකකුත් යෝජනා කරයි




රටේ ඉදිරි ගමන ගැන තීරණයක් ගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

දිගින් දිගටම මෙය විසඳීමට රටේ නායකයින් අපහොසත් වන්නේ නම් එය රටට සිදු කරන හානියක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. පක්ෂයේ පූර්ණ වෙනසක් ඇති කිරීමෙන් පමණක් ඉදිරියේ දී ජයග‍්‍රහණ ලැබිය හැකි බවයි හිටපු මහ ලේකම්වරයා කියා සිටියේ. 

"මගේ විශ්වාසය නම් එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇති විය යුතුයි..අපෙන් ගිලිහුණු ඒ ජයග්‍රහණය යළි ලබා ගැනීමට ජනතාවට දැනෙන වෙනසක් සිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනස තුළින් ජනතාවට දැනෙන්න ඕනේ දැන් මේක අලුත් එක්සත් ජාතික පක්ෂයක් කියලා..ගත වූ කාලසීමාව තුළ විශ්වාස කළ වැඩපිළිවෙල අසාර්ථක වුණා නම්..අලුතෙන් හිතන අලුතෙන් පටන් ගන්න අලුත් නායකයෙක් එක්ක යන්න ඕනේ. පක්ෂය තුළ ඉන්නවා නේ තව හුගාක් අය. කරූ ජයසූරිය වගේ අයට නායකත්වය දෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස වගේ අය.. එවැනි අය ඉදිරියට ගත යුතුයි." යනුවෙන් එහිදී සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මෙම අදහස් පළ කළේ කෑගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.