Friday, April 19, 2024

General line - 0115112241

රංගේ බණ්ඩාර මෙතෙක් සැඟවූ සියල්ල ලිපියකින් දිගහරී - එජාප තනතුරුවලින් ඉවත් වීම ගැනත් සඳහන් කරයි




නායකයින්ට අමතක වූ එහෙත් ජනතාව දැනගත යුතු වූ ලියවිල්ල නමින් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා.

පරාජිතයින්ට කැබිනට් ඇමතිකම් පිරිනැමීමේ විපාක විඳින්නට වූ බවත් තමන් විඳි දැඩි පීඩාවන් ද මින් සඳහන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

තමා දේශපාලනයට අවතීර්ණ වූ සමයේ පටන් විඳින්නට වූ විවිධ පීඩන, අහිමිවීම් සහ බලපෑම් පිළිබඳව ද ඉන් සඳහන් කර තිබෙනවා.

පක්ෂය වෙනුවෙන් විවිධ ගැටලු වෙත තමාට මුහුණ දෙන්නට සිදු වූවත් ඒ සියල්ලේදී පක්ෂය තමා වෙත කිසිඳු සහයෝගයක් නොදුන් බවද සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂයේම සිටි ප්‍රබලයින් තමාව ඝාතනය කරන්නට සැළසුම් කළ බවද රටේ ජනතාව දැන ගත යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කල්පනාවකින් අනතුරුව ආණමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබූ බව සඳහන් කරනවා. එජාප මහලේකම්වරයා අදාළ ලිපිය විසිකර දැමුවත්.. එහෙත් තමාගේ අභිප්‍රායන් එසේම බවයි ඔහු වැඩි දුරටත් දන්වා සිටින්නේ.

(එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි)