Wednesday, April 24, 2024

General line - 0115112241

වැලිකඩ පොලිසියේ අද ලොකු වැඩක් (PHOTOS)




පසුගිය දින කිහිපයේ මැතිවරණ කාලසීමාව හේතුවෙන් පොලිස් ස්ථාන වඩාත් කාර්යබහුල තත්ත්වයකට පත්ව තිබුණා.

මැතිවරණ පැමිණිළි සහ මැතිවරණ රාජකාරී හේතුවෙන් පොලිස් ස්ථාන තුළ සාමාන්‍ය පැමිණිළි විභාග කිරීමට වැඩි ඉඩක් ලැබී තිබුණේ නැහැ.

මේ හේතුවෙන් වැලිකඩ පොලිසිය විශේෂ වැඩසටහනක් අද (18) ආරම්භ කර තිබුණා.

ඒ අදාළ දින කිහිපය තුළ විභාග කිරීමට නොහැකි වූ සියලු පැමිණිලි එක් දිනයකින් විභාග කිරීමේ විශේෂ වැඩසටහනක්.

වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලගේ ප්‍රධානත්වයෙන් සහ සුළු පැමිණිළි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත ගුණවර්ධන මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා.