Tuesday, March 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගවලදී හතුරුසිංහගේ ක්‍රියාකලාපය ගැන ක්‍රිකට් විචාරකයින් මත පළ කරයි

කසුන් කැලුම්




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී අද (18) පැවැත්වෙනවා. 

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

අද තරගය පැවැත්වෙන තණතිල්ල බංග්ලාදේශ කණ්ඩායමට වාසිදායක අයුරින් සකසා ඇති බවයි වාර්තා වන්නේ. 

කලක් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ද ක‍්‍රිකට් විචාරකයින් විවිධ අදහස් පළ කර තිබෙනවා.

ඔහු බංග්ලාදේශයේ තණතිලි පිළිබඳව අත්දැකීමක් ලබා තිබීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වූ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන දෙවන පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ කිරීමට නියමිතයි.