Tuesday, March 19, 2024

General line - 0115112241

ඉරාන ගුවන් අනතුරෙන් 66ක් මරුට (PHOTO)

බී.බී.සී ඇසුරෙන්




අනතුරට ලක්වූ ඉරාන ගුවන් සේවයට අයත් ගුවන් යානයේ පියාසර කළ 66 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන ගුවන් සමාගමේ බලධාරින් පවසනවා. අනතුරට පත් ගුවන් යානයේ සිට ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි පියාසර කළ මගීන් 60 ක් , ආරක්ෂක නිලධාරින් 02ක් , ගුවන් සේවකයින් 02ක් සහ ගුවන් නිමුවා මෙන්ම සහායක නියමුවා බවයි එම ගුවන් සමාගම පවස්නේ.

අසේමාන් ගුවන් සමාගමට අයත් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා යොදා ගත් ATR 72-500 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වුණේ අද (18) උදෑසන 8.00 ට පමණ (04:30 GMT) ටෙහෙරාන් අගනුවර ගුවන් තොටුපලේ සිට යසුජ් නුවර දක්වා ගමන් ආරම්භ කළ ගුවන් යානයයි මෙලෙස අවතුරට ලක්ව ඇත්තේ.

ගුවන් ගමන් ආරම්භ වී පැයකට පමණ පසු මෙම ගුවන් යානයේ හා පාලක මැදිරිය අතර සම්බන්ධතාවය බිඳ වැටී තිබෙන් බවයි බීබීසි ලෝක සේවාව සඳහන් කරන්නේ.

එහිදී රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ යානය ටෙහෙරාන් අගනුවරට ආසන්න කඳු පන්තියකට කඩා වැටී ඇති බව ද සඳහන්.

--------------

මගීන් 66ක් සමග ඉරාන ගුවන් යානාවක් අනතුරට (18-02-2018 13:37)

ඉරාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානාවක් අද (18) අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එම යානය අනතුරට ලක්වන අවස්ථාවේ දී එය මගීන් 66ක් රැගෙන පියාසර කළ බවයි.

යානය එරට සිම්රෝම් නගරයට ආසන්නයේ පිහිටි කඳු පන්තියකට කඩා වැටී ඇති බවයි බීබීසී ලෝක සේවාව පවසන්නේ.

යානය රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති අතර සම්බන්ධතා බිඳ වැටී තිබු බවත් සඳහන්.

අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි සහන කටයුතු වලට ද බාධා එල්ල වී ඇති අතර මේවන විට හදිසි ආපදා අංශය සිරුවෙන් තබා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

අදාළ ප්‍රදේශය වෙත සහන හෙළිකොප්ටරයක් ද යවා ඇති බව වාර්තා වනවා.

පවතින කාලගුණික තත්ත්වය හමුමේ මෙහෙයුම් කටයුතු අඩාල වී ඇති අතර මෙතෙක් කිසිඳු තුවාල කරුවෙක් හෝ හමුවී නොමැති බව සඳහන්.

ගුවන් යානයේ මගීන් 60 ක් , ආරක්ෂක නිලධාරින් 02ක් , ගුවන් සේවකයින් 02ක් සහ ගුවන් නිමුවා සහ සහායක නියමුවා ද අනතුරට ලක්වුවන් අතර වනවා.