Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති හා කථානායක ජනපති සමග තීරණාත්මක සාකච්ඡාවක

වසන්ත පිවිතුරු/කසුන් කැලුම්




පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායකවරයා අතර, ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (18) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී පැවති බවයි එම පක්ෂයේ මහලේකම්වරයා nethnews.lk කළ විමසීමක දී කියා සිටියේ.

එමෙන්ම අද පස්වරුවේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ද සාකච්ඡාවක් පැවති අතර එහි ඇති වූ එකඟතාය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායකවරයා මෙවන විට ජනපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වන බව සඳහන්.