Saturday, April 20, 2024

General line - 0115112241

ඡන්දෙන් පස්සේ අද පළමු පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවිය හැකි දේ

තරංග රුක්ෂාන් ජයසේකර




පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතයි.

ලබන සිකුරාදා වනතෙක් පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙය වනවා.

මේ වන විටත් මෙම පාර්ලිමේන්තු රැස්වීම කාගේත් දැඩි අවධානයකට යොමුවී අවසන්.

ඒ, රටේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය හේතුවෙන්. කිසියම් හෝ පක්ෂයක් අද දිනයේදී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනු ඇතැයි පසුගිය දින කිහිපයේද දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ අදහස් පළ වී තිබුණා.

මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි.