Friday, April 26, 2024

General line - 0115112241

මොනවා කළත් අගමැති මාරු කරන්න බෑලු

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරුවකින් අග‍්‍රාමාත්‍යධූරය වෙනස් කළ හැකිදැයි මේ වනවිට දේශපාලන ක්ෂේත‍්‍රයේ කථාබහක් මතුව තිබෙනවා.

එමෙන්ම ඇතැම් පිරිස් ප‍්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තුව අද (19) රැස්වීමෙන් අනතුරුව කිසියම් පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවහොත් අග‍්‍රාමාත්‍යධූරය පිළිබඳ අගවිනිසුරුවරයාගේ මතය විමසීමට කථානායකවරයාට සිදුවනු ඇති බවයි.

මෙම සියළු තත්ත්වයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග‍්‍රාමාත්‍යධූරය සම්බන්ධයෙන් කථානායකවරයාට එලෙස අගවිනිසුරුවරයාගේ මතය විමසීමට අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම ඊට ව්‍යවස්ථාවෙන්ද ප‍්‍රතිපාදන නොමැති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ. කිසියම් පාර්ශ්වයක් බහුතර බලය පෙන්වුවද අග‍්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමට කථානායකවරයාට නොහැකි බවද නෙත් නිවුස් කළ සොයා බැලීමේදී තහවුරු වුණා.

මේ වනවිට පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ ලෙස සැලකෙන්නේ පක්ෂ 06ක් පමණයි. ඒ, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ඊ පී ඞී පී හා ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයයි.