Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයට සැකයක් - සැකය දුරු කරන්න ඒකාබද්දෙන් පිළිතුරු

සජිත් තිලකරත්න




සිය පක්ෂය සමග එක්වන බවට ඒකාබද්ධ විපක්ෂය වාචිකව ප‍්‍රකාශ කලද ඒ පිළිබඳව විශ්වාසය තබා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට නොහැකි බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ නව ආණ්ඩුවක් බිහිකිරීමට ඒකාබද්ධ විපක්ෂය වගකීමක් ගත යුතු බවයි.

මේ පිළිබඳව නෙත් නිවුස් ඒකාබද්ධ විපක්ෂයෙන් විමසීමක් කළා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ අග‍්‍රාමාත්‍යධූරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන්නේ නම් පමණක් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එක්වී තනතුරු භාර ගන්නා බවයි.