Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට 'ශ්‍රීලනිප සහ එජනිස' ජනපතිට ලිපියක් යොමු කරයි

කසුන් කැලුම්/හේමන්ත කහවලගේ




ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ පිළිබඳව දැන්වූ ලිපියක්ද ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල නෙත් නිවුස් වෙත කියා සිටියේ.

නව අගමැතිවරයෙකු පත් කිරිම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ති‍්‍ර කණ්ඩායම ඊයේ (18) ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.