Friday, March 29, 2024

General line - 0115112241

ආරක්ෂක සමුළුවේදී ඊශ්‍රායලය ඉරානයට ඇඟිල්ල දිගු කරයි




ඉරානය ලොවට ප‍්‍රභල තර්ජනයක් බව ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

එරට අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන ආරක්ෂක සමුළුවකට එක්වෙමින්.

එමෙන්ම මෙම සමුළුවේදී අග‍්‍රාමාත්‍ය නෙතන්යාහු විසින් ඉරානය නාසි හමුදාවට සමාන කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ලෝක බලවතුන් හා ඉරානය එළඹි න්‍යෂ්ටික ගිවිසුමද මෙහිදී ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍යවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණා.

කෙසේ වෙතත් පසුව අදාළ සමුළුව ඇමතූ ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබුණේ කාටූන් චරිත විසින් සිය රට වෙත එල්ල කරන චෝදනා සඳහා ප‍්‍රතිචාර නොදක්වන බවයි.