Friday, March 29, 2024

General line - 0115112241

ලැට්වියා මහ බැංකුවේ ප්‍රධානියා පොලිස් අත්අඩංගුවට

පවිත්‍රා මදුහර්ෂණි




ලැට්වියා මහ බැංකුවේ ප‍්‍රධානි ඉල්මාස් රිම්සෙවික්ස් එරට දූෂණ මර්ධන පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මහ බැංකුවේ ප‍්‍රධානියා අත්අඩංගුවට ගත් හේතුව කුමක්ද යන්න එරට පොලීසිය හෝ රාජ්‍ය නිලධාරියෙකු විසින් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

එහෙත් හැකි ඉක්මනින් ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන බවයි පොලීසිය පවසා ඇත්තේ.

මහ බැංකු ප‍්‍රධානියා අත්අඩංගුවට පත්වුනත් රට තුළ කසිඳු මූල්‍ය අවදානමක් මතුව නැතැයි ලැට්වියා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.