Friday, April 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව උණුසුම් කරමින් වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් වූ විවාදය ඇරඹේ

වසන්ත පිවිතුරු




පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පැවත්වෙන පාර්ලිමේන්තු විවාදය මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.

මෙම විවාදය අද (19) පස්වරු 7.00 දක්වා පැවත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව තුල මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වන අතර විවාදය උණුසුම් ස්වරුපයක් ගෙන තිබෙනවා.

විවාදය අතරවාරයේ ආණ්ඩු පක්ෂයට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයට ද දැඩි විවේචන හා චෝදනා එල්ල වූ අතර පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මේවන විට රට තුල අරාජික තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

එමෙන්ම අවසන් වූ මැතිවරණ ප්‍රතිඵලයට අනුව රටේ ජනතාවගේ තීන්දුව පිලිගෙන කටයුතු කළ යුතු බවයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

අනතුරුව විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්වීරවංශ ද ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළා.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්ත මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඔහු විසින් රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපල අවභාවිත කර ඇති බවයි.

එමෙන්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තු සභා ගර්භයේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.