Friday, April 19, 2024

General line - 0115112241

දුන්නු කාලය ඉවරයි.. උපරිම ප්‍රයෝජනයක් අරන් ආපහු රටට යන්න - කුවේට් රජයෙන් ඉල්ලීමක්




නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා ලබාදී තිබූ පොදුසමා කාලය ලබන 22 දා අවසන් බව එරට රජය දැනුම් දී තිබෙනවා.

 

එම පොදු සමාකාලය පසුගිය ජනවාරි මස 29 වනදා ආරම්භ කළ බවයි කුවේට් රජය සඳහන් කර ඇත්තේ.

ලබාදුන් මෙම කාලයේ දී උපරිම ප්‍රයෝජනයක් ගන්නා ලෙසයි කුවේට් රජය නීති විරෝධිව රැඳී සිටින ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලා තිබෙන්නේ.

 

ඒ අනුව නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයින්ට දඩ මුදල් ගෙවීමකින් තොරව එරටින් පිටවීමට හැකියාව ලැබී තිබෙනවා.

 

මෙම පොදු සමාකාලය ප්‍රයෝජනයට ගනිමින් 4000කට ආසන්න ශ්‍රමිකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.

 

කෙසේ වෙතත් කුවේටයේ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා කුවේට් බලධාරීන් තාවකාලික විදේශ ගමන් බලපත්‍ර 6000කට ආසන්න ප්‍රමාණයක් ද, නිකුත් කර ඇති බව සඳහන්.

 

මේ අතර ශ්‍රී ලාංකිකයින් 15,000කට අධික පිරිසක් නීති විරෝධීව කුටේට්හි රැඳී සිටින බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල පසුගියදා ප්‍රකාශ කර සිටියා.