Saturday, April 20, 2024

General line - 0115112241

අසත්‍ය ප්‍රකාශයක් ගැන නියෝජ්‍ය කතානායක කියයි

හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා/හර්ෂිකා සංජිවනී




නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඊයේ (18) රාත‍්‍රියේ සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (19) පැහැදිලි කිරීමක් සිදු කෙරුණා. ඒ, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින්. ඔහු එහිදී කියා සිටියේ එම ප‍්‍රකාශය අසත්‍යයක් නොවන බවයි.

කෙසේ වෙතත් එක් පාර්ශවයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලය විසිරුවා හැරෙන්නේද යන්න පිළිබ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අවශ්‍ය බවට ජනාධිපතිවරයා එහිදී දැනුම් දුන් බවයි නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ.