Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සී එන් එන් දකින හැටි මෙන්න

හේමන්ත කහවලගේ




පසුගියදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාව දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ පා ඇතැයි සී එන් එන් පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවය වැඩිදුරටත් පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ නව පක්ෂයක් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජය හිමි කර ගැනීමත් සමගම ශී‍්‍ර ලංකාව තුළ මෙම දේශපාලන අර්බුදය හට ගෙන ඇති බවයි.

පළමු වරට 2005 වසරේදී ජනාධිපති ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා, අනතුරුව සිවිල් යුද්ධය නිමාකිරීම හමුවේ ලද ජන වරමින් 2009 වසරේදී දෙවන වරටත් ජනාධිපතිධූරය හිමි කර ගත් බව එම වාර්තාවේ සඳහන්.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ අර්බුද රැසක් මධ්‍යයේ ජනතාව විසින්ම යළිත් දේශපාලන කරළිය තුළ ඔසවා තබා ඇති බවයි සී එන් එන් පුවත් සේවය පවසන්නේ.