Friday, March 29, 2024

General line - 0115112241

මේක බොරුවක් - ඒක නිර්මාණය කළේ කවුදැයි එජාපය කියයි




ආණ්ඩු වෙනස් කිරීම සඳහා සිය සටන අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පවතින දේශපාලන අර්බුදය පිළිබඳ ඊයේ (19) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියා.

විවාදයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ "ලොකු අර්බුදයක් තියෙනවා කියලා විවාදයක් ගෙනල්ලා..පස්සේ විවාදය ඉල්ලපු මිනිස්සුත් නෑ..පැයකටත් කලින් විවාදය ඉවර වුණා. මේ අර්බුදය මාධ්‍ය මගින් නිර්මාණ කරපු බොරුවක්." යනුවෙනි. 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලයට අනුව වත්මන් ආණ්ඩුවේ විශ්වාසය භංග වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

විවාදයෙන් අනතුරුව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙන තෙක් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට එක් නොවන බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේදී වත්මන් ආණ්ඩුවට ජනතාව ලබා දුන් ප‍්‍රතිඵලය උපයෝගී කරගනිමින් ඉදිරියේදී කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි පවිත‍්‍රා වන්නිආරච්චි මෙහිදී කියා සිටියේ.