Friday, April 26, 2024

General line - 0115112241

"බලයේ සිටින අගමැති ඉල්ලා අස් නොවන්නේ නම් කරන්න ඕන දේ ව්‍යවස්ථාවේ නෑ" - නිතීවේදීන් පෙන්වයි




බලයේ සිටින අග‍්‍රාමාත්‍යවරයා ස්ව කැමැත්තෙන් ධුරයෙන් ඉල්ලා අස් නොවන අවස්ථාවක ගත යුතු පියවර පිළිබඳ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් නොවන බව නීතිවේදීන් පවසනවා.

ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනෙන්ද සාකච්ඡාවට ලක්වූයේද ඒ පිළිබඳවයි.

එහිදී අදහස් දැක්වූ නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා සඳහන් කළේ "19 වන ව්‍යවස්ථාවට කළින් ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි ක්‍රියා කිරීමේ හැකියාව තිබුණා අගමැතිවරයා සම්බන්ධයෙන්. නමුත් අද එහෙම නෑ. අද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් බලතල දීලා තියෙනවා අගමැතිවරයාට..තවත් බලතල දෙන්න ගියා.. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අවස්ථාවේ කිව්වා එහෙම බලතල දෙනවා නම් ජනමත විචාරනයකට යන්න ඕනේ කියලා. හැබැයි ඒගොල්ලෝ ගියේ නෑ. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිළිව තියෙනවා අගමැතිවරයා ඉවත් කරන ආකාරය..හැබැයි ඒකේ කොහේවත් කියලා නෑ.. සිටින අගමැතිවරයා ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න අකමැතිනම් කරන්න ඕන දේ? " යනුවෙනි.

පවතින නීතිමය තත්ත්වය යටතේ අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.